විදෙස්

එකවර මිලියන 80ක් මිය යන වෛරසයක්

(UTV| කොළඹ) – පැය 36ක් තුල මිලියන 80ක ජනතාවක් මරණයට පත් කළ හැකි උණ වසංගතයක් පිළිබඳව වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවයි.

ඒ යළි පැතිරිමේ අවධානමක් ඇති බවටයි.

“ස්පැනිෂ් ෆ්ලු” නමින් හැදින්වෙන මෙම වෛරසය මිට ශතවර්ෂයකට පෙර ලොව ජනගහණයෙන් තුනෙන් එකකට ආසාධනය වී තිබේ. ඉන් මියගිය සංඛ්‍යාව මිලියන 50ක්වේ.

මේ වන විට මෙම වෛරසය යලි පැතිරිමේ අවධානමක් පවතින අතර මේ අවස්ථාවේ එහි ප්‍රථිපලය භයානක විය හැකි බවවෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයින් පිරිසක් වන “ගෝලීය සුදානම අධීක්ෂණ මණ්ඩලය” විසින් ලෝක නායකයින්ව දැනුවත් කිරිම සදහා වන විශේෂ වාර්තාවක් ලබා දෙමින් මේ බව සදහන් කර ඇත.

ඉතා වේගයෙන් පැතිරිමේ අවධානමක් ඇති මෙම “ස්පැනිෂ් ෆ්ලු” වෛරසය මගින් ලොවපුරා මිලියන ගණනක් මිනිසුන් මරණයට පත් කිරිමට, ආර්ථිකයන් කඩාකප්පල් වීමට සහ ජාතික ආරක්ෂාවන් කෙටි කාල සිමාවකින් අස්ථාවර කළ හැකි බවයි එම වාර්තාවේ දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිරුවත් වෙඩික්කරුවෙකු සිදු කළ වෙඩිතැබීමක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 12 දෙනෙකු මරුට[VIDEO]

Mohamed Dilsad

විජේ මල්ල්යා බ්‍රිතාන්‍යයේ සිට යළි ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment