ප්‍රමුඛ පුවත 1

ෆුල් ෆේස් හිස්ආවරණ ගැටලුවට ඇමති සාගලගෙන් සහනදායී විසදුමක්

(උදයම්,කොළඹ) – සම්පුර්ණ හිස් ආවරණ (Full face Helmets) සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති ගැටලු පිලිබදව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සමඟ පැවති සාකච්ජාව සාර්ථකව අවසන්වූ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පෙන්වා දෙයි.

මෙම සාකච්ජාව ඊයේ(06) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති අතර මෙහිදී ෆුල් ෆේස් හෙල්මන්ට් ගැටලුව තව දුරටත් සාකච්ජාකොට ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ විසඳාගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසා ඇත.

මෙම සාකච්ජාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ මහතා ඇතුලු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා ඇතුලු එම සංගමයේ නියෝජිතයන් මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ සහ මාර්ග ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන් පිරිසක්ද සහභාගිවී සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකශ කර සිටියේ මෙම ෆුල් ෆේස් හෙල්මන්ට් ගැටලුව සම්බන්ධයෙන් අවසන් විසදුමක් ලබාගැනීමට සදහා තව දුරටත් සකච්ජකොට අඳාල තීරණවලට එළඹිය යුතු බවය.

එහිදී මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාල සියලු පාර්ශව සමග සාකච්ජාකොට ලබන සිංහල – හින්දු අලුත් අවුරුද්දෙන් පසු අදාල තීරණ ගතහැකි බවය.එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ “ප්‍රමිතිය”, “ආරක්ෂාව” සහ “රටේ පවත්නා නීතිය” යන කරුණු මූලික කරගනිමින් මෙම ගැටලුව විසදීම සදහා අවශ්‍ය මූලික පසුබිම සකස්කරගත යුතු බවය.

කෙසේ උවත් මෙහිදී වඩාත් වැදගත් වනුයේ ජනතාවගේ ආරක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ඒ අනුව ජනතාවගේ ආරක්ෂාවට මුල්තැනදී නීති සැකසිය යුතු බවත් ෆුල් ෆේස් හෝ සාමාන්‍ය හෙල්මන්ට් හෝ පැළඳිය හැක්කේ යතුරු පැදිය ධාවනය කරන අවස්ථාවේ පමණක් බවත් ඉන් පරිබාහිරව කාර්යාල, බැංකු හෝ වෙනත් ස්ථානවලට පිවිසීමේදී හෝ පෙළපාලි ආදියේදී ඒවා නොපැළදියයුතු බවද මෙහිදී අවධාරණය කරනු ලැබීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/04/FULL-FACE-HELMET-UDM-SIN.jpg”]

Related posts

කොළඹට දකුණු මුහුදේදී යාත්‍රාවක් ගිනි ගනී (UPDATE)

Mohamed Dilsad

දුවගේ පහර දීමෙන් මවක මරුට

Mohamed Dilsad

පාතාල නායක මධුෂ් ඇතුළු පිරිසගේ රුධිර සාම්පල පරීක්ෂාවක්.

Mohamed Dilsad

Leave a Comment