ක්‍රීඩා

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්වේ [VIDEO]

(UTV| කොළඹ) – ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් අද (18) සිට තරග බිමට පිවිසේ.

කිලෝග්‍රෑම් 49 බර පංතියෙන් හංසනී ගෝමස් අද තරග බිමට පිවිසෙන අතර චතුරංග ලක්මාල් ජයසූරිය තරග වදින්නේ කිලෝග්‍රෑම් 61 බර පංතියෙන්. කිලෝග්‍රෑම් 55 බර පංතියෙන් ඉසුරු කුමාර අද තරග බිමට පිවිසෙනු ඇත.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසයි. රටවල් 124ක් නියෝජනය කරමින් බර ඉසිලීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් ඊට එක්වෙයි.

මෙවර ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ ‘පතායා’ නුවරදී. මෙවර තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 8 දෙනෙකු එක්වනවා. ඒ, අතරට ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකුද අයත්වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකු ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කරන පළමු අවස්ථාවද මෙය වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හෙට (19) සහ ලබන 21 වැනිදාද ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ තරග වැදීමට නියමිතය.

බර ඉසිලීමෙන් නමක් දීනූ චින්තන ගීතාල් විදානගේ හෙට දිනයේද සුදේශ් පීරිස් ලබන 21 වැනිදාද තරග බිමට පිවිසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Editor O

මෙවර UEFA වසරේ ක්‍රීඩකයා සම්මානය Messi, Ronaldo පරදමින් Virgil van අත්කරගනී [PHOTO]

Mohamed Dilsad

එංගලන්ත – කොදෙව් තෙවන ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

Leave a Comment