විදෙස්

ෆසායි සුලිකුණාටුව නිසා ජපානයේ නිවාස රැසකට විදුලිය ඇණ හිටී

(UTV-කොළඹ) – ජපානයේ චිබා පළාතේ ෆසායි සුලිකුණාටුව හේතුවෙන් නිවාස 60 000ක විදුලිය විසන්ධි වේ ඇති බව වාර්තා වේ.

ෆසායි සුළිකුණාටුවේ බලපෑමෙන් මහත් ව්‍යසනයකට මුහුණදුන් ජපානයේ චිබා පළාතේ විදුලි සැපයුම් පද්ධතිය යථා තත්ත්වයට ගෙන ඒමට තවත් දෙසතියක පමණ කාලයක් ගතවනු ඇතැයි බලධාරීන් පවසයි.

නොසිතූ තරම් ප්‍රබලත්වයකින් පැමිණි සුලිකුණාටුව හේතුවෙන් නිවාස රැසක් සහ එහි ජන ජීවිතය මුලුමනින්ම පාහේ අඩපණ වී ඇත.

වැසි දිය නිවෙස් තුළට පැමිණීම වැලැක්වීමට නිල් පැහැ පොලිතින් කවර භාවිත කිරීමට ඔවුන්ට සිදුවී ඇති අතර නිවාසවල වහළ සුළඟට ගසාගෙන යාම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලබන 27වැනිදා වන විට සමස්ත විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව විදුලි බිදවැටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපාන බලශක්ති අංශ වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයා ඉක්මන් මැතිවරනයක් කැඳවයි.

Mohamed Dilsad

හොංකොං විරෝධතා වැඩි වෙයි

Mohamed Dilsad

සිරියානු හමුදා කඳවුරු වෙත ඇමෙරිකානු ගුවන් ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment