ප්‍රමුඛ පුවත 1

කාරක සභාවේ සාමාජිකයන් හෙට ජනපතිගෙන් ප්‍රකාශ ගනී

(UTV | කොළඹ) –  අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සොයාබැලීම සදහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (20) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබේ.

අදාළ ප්‍රකාශයන් සටහන් කරගැනීම සදහා කාරක සභාවේ සාමාජිකයන් ජනාධිපතිතුමාගේ නිල නිවස වෙත යන යන බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ජනපතිතුමාගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් ජනමාධ්‍ය වෙත විවෘත නොකිරීමට කාරක සභාව තීරණය කර තිබෙන අතර , අදාළ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කාරක සභාවේ අවසන් වාර්තාව ලබන මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජිකයන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස්වී සාකච්ඡා කර තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව වෝහාරික විගණන පරීක්ෂණ

Mohamed Dilsad

මන්ත්‍රී ගම්මන්පිලගේ චෝදනාවට අධිකරණ ඇමතිනියගෙන් පිළිතුරු

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment