ප්‍රමුඛ පුවත 1

හේමසිරිට සහ පුජිතට ඇප තීන්දුව ඔක්තෝබර් දක්වා කල් යයි

(UTV| කොළඹ) – කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය කර ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 09 වැනිදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළේය.

මෙම පෙත්සම ඊයෙ දිනක කැදවනු ලැබූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දැක්වීම අවසන් කර තිබුණු අතර ඒ අනුව අද(20) දින නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කරුණු දැක්වීම සිදු කළේය.

ඇප නියම කරමින් මහෙස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය මුළුමනින්ම දෝෂ සහගත බව එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටී අතර ඔවුන් දෙදෙනාට මිනීමැරීමේ චෝදනාව එල්ල කිරිම සඳහා ප්‍රමාණවත් කරුණු නොමැති බව පූර්ව නිගමනයක සිටිමින්ම මහේස්ත්‍රාත්වරිය එම නඩුවේ මුල සිටම කටයුතු කර ඇතැයි චෝදනා කල දිලීප පිරිස් මහතා සැකකරුවන්ට ඇප ප්‍රදානය කිරීමේ සම්පූර්ණ ක්‍රියාදාමයම පක්ෂග්‍රාහී බව සඳහන් කර සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ මෙම සැකකරුවන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දියුණු විගසම හෘදයාබාධ වැළඳී ඇති බව සඳහන් කරමින් ඔවුන් දෙදෙනාම රෝහල්ගත වූ බවත් ඒ පිළිබඳව සොයා බැලීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු නොකිරීම බරපතළ අඩුපාඩුවක් බවයි.

මෙවැනි ඇප නියෝගයක් ප්‍රකාශය කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට කිසිසේත්ම බලයක් නොමැති හෙයින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට ඇප ප්‍රදානය කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රකාශ කර තිබෙන ඇප නියෝගය ප්‍රතිශෝධනය කර ඔවුන්ව වහාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියාව විසින් ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කෙරේ

Mohamed Dilsad

අනුරාධපුරය තුළ අලි 65 දෙනෙකු මියගොස්

Mohamed Dilsad

මරණ දඬුවම කිසිසේත් පිළිගත නොහැකියි – පාප්වහන්සේ කියයි

Mohamed Dilsad

Leave a Comment