ප්‍රමුඛ පුවත 1

දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර යුද සෙබලෙක් මිය යයි

(UTV| කොළඹ) – කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර යුද හමුදා භටයෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.

පොලීසිය පවසන ආකාරයට දියකාවා යුධ අභ්‍යාස මෙහෙයුම් පැරෂුට් සංදර්ශන පුහුණුවිම්වල නිරතව සිටියදී යුද හමුදා සෙබලෙකු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී ඇති අතර ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අදාළ සෙබලා මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මියගොස් ඇත්තේ 04 වන කමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ හමුදා සෙබලෙකු වන ඔහු 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ත්‍රිකුණාමලය වරාය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෘත ශරිරය මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව බස් ගාස්තු ප්‍රතිපත්තිය වහා ක්‍රියාත්මක කරන්නැයි බස් මගීන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පෙරටුගාමී පක්‍ෂයෙන් ජනපති අපේක්‍ෂකයෙක්(වීඩියෝ)

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment