ප්‍රමුඛ පුවත 1

ජාතික පාසල්වල 40,000 කට අධික ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර

(UTV | කොළඹ) – ජාතික පාසල්වල පවතින 40,000 කට අධික ශිෂ්‍ය පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා සඳහන් කළේය.

ඒ අනුව අදාළ පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිටත් පවත්වා ඇති බව ඔහු පවසයි.

පළමු අදියරේදී පුරප්පාඩු 4500 ක් සඳහා සිසුන් තොරාගෙන ඇති අතර , තෝරාගත් සිසුන් පදිංචි ලිපිනයන් වෙත ඒ සම්බන්ධ ලිපි යොමු කර ඇති බවත් ඔහු අවධාරණය කරයි.

පවතින අනිකුත් පුරප්පාඩු සඳහාත් කඩිනමින් සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් සදහන් කරයි.

Related posts

විග්නේශ්වරන් සිදු කල ප්‍රකාශයට විරෝධය [VIDEO]

Mohamed Dilsad

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්.

Mohamed Dilsad

ස්වං රැකියාවල නිරතවූවන්ට භාණ්ඩ බෙදා දේ

Mohamed Dilsad

Leave a Comment