ව්‍යාපාරික

එන්ටර්ප්‍රයිස් ජංගම සේවාව දිස්ත්‍රික්ක කීපයකින් ඇරඹේ

(UTV | කොළඹ) – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ජංගම සේවාවක් ලබන 28 හා 29 යන දෙදින තුල පුත්තලම , මන්නාරම හා ගාල්ල දිස්ත්‍රික් කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

එහිදී මෙම වැඩසටහන පුළුල්ව ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති අතර , ඔක්තෝම්බර් 05 හා 06 දිනවල මෙම වැඩසටහන පැවැත්වෙන්නේ මාතර, හම්බන්තොට හා ත්‍රිකුනාමලය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය හරහා බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය උපදේශන සේවාවන් හා අපනයනකරුවන් ලියාපදිංචි කිරීම ඇතුලු සේවා රැසක් සිදු කිරීමට අපේක්ෂිතව ඇත.

Related posts

කැබලි කරන ලද වියළි පොල් ආනයනයට සුදානම්

Mohamed Dilsad

ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද

Mohamed Dilsad

සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment