විදෙස්

හවුඩි මෝදි රැලියට ඉහළ ජනතා ප්‍රතිචාරයක්

(UTV| ඇමරිකාව) – ඇමරිකාවේ ටෙක්සාස් හි පැවැත්වෙන හවුඩි මෝදි නැමති සංස්කෘතික උත්සවයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්ව තිබේ.

මේ සඳහා පනස්දහසක පමණ පිරිසක් සහභාගීත්වූ අතර විදෙස් නායකයෙකුට විශාල පිළිගැනීමක් හිමිවූ එක් අවස්ථාවක් ලෙස එය ඉතිහාසයට එක්වේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ එහිදී රාජ්‍ය නායකයන් දෙදෙනා වැළඳගනිමින් එකිනෙකාට සුභපතා ඇති බවයි.

විනාඩි 90 ක පමණ කාලයක් පැවති මෙම රැළිය සඳහා කළාකරුවන් හාරසියක් පමණ සහභාගිවී ඇති අතර රාජ්‍ය නායකයන් දෙදෙනා  රැළිය ඇමතුවේ ඉන් අනතුරුවයි.

එරට ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ අමෙරිකාවේ වෙසෙන ඉන්දීය ජාතිකයන්ට තමා තරම් හිතවත් හා මිත්‍රශීලී ජනාධිපතිවරයෙක් නොමැති බවයි.

තවද , අමෙරිකාව, ඉන්දියාවේ සැබෑ මිතුරෙක් බව අගමැති මෝදි රැලිය අමතමින් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

ජපානයේ මාකෝ කුමරියට රජකම අහිමි වෙයිද?

Mohamed Dilsad

ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිත පිරිස මිලියනය අභිබවා යයි

Mohamed Dilsad

Leave a Comment