ප්‍රමුඛ පුවත 1

ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය ආදාහන කිරීමට නියෝග

(UTV| කොළඹ) – අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට අවසර ලබාදෙමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය. 

ඒ උන්වහන්සේගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද (23) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන් සිකුරාදා රාත්‍රියේ අපවත් වූ අතර උන්වහන්සේගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාවක් හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරනු ලැබීය.

අධිකරණ නියෝගයකින් තොරව මෙම හිමියන්ගේ ආදාහන කටයුතු විහාර භූමියේ සිදු නොකරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් එන්. සුදාහරන් ඊයේ (22) නියෝග කර තිබුණි.

මේ අතර ඥානසාර හිමියන්ද අද පෙරවරුවේ අධිකරණ පරිශ්‍රය වෙත පැමිණියේය.

අනතුරුව උන්වහන්සේ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍ය වෙත ගොස් විහාරාධිපති හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක්

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අද අධිකරණය හමුවට

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි.

Mohamed Dilsad

Leave a Comment