ප්‍රමුඛ පුවත 1

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න – ජනපති

(UTV| කොළඹ) – අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති, පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබඳව තිබු සාකච්ඡාවේදී.

එම සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත්, නාය යෑමේ අවදානම පවතින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

එමෙන් ම පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන වැඩපිළිවෙළේ දී ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදු කරන ලෙසත්, තමා මැදිහත් වී එම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේ ය.

ඉදිරි මාස 02ක කාලය තුළ අධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇතිවිය හැකි බව මෙහිදී සඳහන් කෙරුණු අතර, පූර්ව සූදානමක් ඇතිව එම තත්ත්වයන්ට මුහුණදීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ සියලු අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

ඇමති රිෂාඩ් “නැණ ශක්ති” වැඩසටහනට එක්වෙයි

Mohamed Dilsad

ජනපතිගෙන් උපහාර

Mohamed Dilsad

Leave a Comment