ප්‍රමුඛ පුවත 1

යෝෂිත රාජපක්ෂ නැවත නාවික හමුදා සේවයට[VIDEO]

(UTV| කොළඹ)  – තහනමට ලක්ව සිටි නාවික හමුදා ලුතිතන් යෝෂිත රාජපක්ෂ නැවත නාවික හමුදා සේවයේ පිහිටුවා තිබේ.

2016 වසරේ පෙබරවාරි 28 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම සේවයේ නැවත පිහිටුවීම සඳහා අවසර දී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් ඊට අදාළ ලේඛන සඳහා අත්සන් තබා ඇති බවයි.

ඔහුට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධ නඩු විභාගයක් පැවැත්වීම හමුවේ ඊට සහය දැක්වීමක් ලෙසටයි යෝෂිත රාජපක්ෂගේ සේවය නාවික හමුදාව අත්හිටුවනු ලැබුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලියාපදිංචි නොකළ දන්සැල් 242 ක් හමුවෙයි.

Mohamed Dilsad

රටක් ගොඩනැගීමට ජනතාව කැපවිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

පුල්වාමා හා බලාකොට් ඉන්දියානු ප්‍රහාරය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

Mohamed Dilsad

Leave a Comment