ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය සඳහා පක්ෂ 06ක් ඇප තැන්පත් කර අවසන්

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් ආරියවංශ දිසානායක විසින් මීළඟ ජනාධිපතිවරණය සඳහා රාජාලියා ලකුණෙන් තරඟ වැදීමට අද (25) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇත.

මේ වනවිට නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ 06කින් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ජාවක් ඊයේ(24) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වුණු අතර ලබන මස 06 වනදා පස්වරු 12ට ජනාධිපතිවරණයට අදාල ඇප මුදල් තැන්පත් කිරීම අවසන් වනු ඇත.

මෙහිදී ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීම සිදුකරනු ලබන මස 07 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව සහ ඒ අවට ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණ පණතට අනුව දේශපාලන අපේක්ෂකයන්ගේ පෝස්ටර්, බැනර් සහ කටවුට් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එහිදී පොලිසියට උපදෙස් ලබා දී ඇති අතර ජන්දය අවභාවිතා වීම වැලැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මියගිය සහ විදේශගත ජන්දදායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට තීරණය කර තිබේ.

2018 ජන්ද නාම ලේඛනයේ නම් ඇතුළත් ජන්දදායකයන් අතරෙන් ලබන මස 01 වනදා වනවිට මියගිය හෝ විදේශගත ජන්දදායකයන්ගේ තොරතුරු ලබන මස 05 වනදාට පෙර පදිංචි ප්‍රදේශයට අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹට අද පැය 15ක් ජලය කපයි

Mohamed Dilsad

යාපනයේ කාන්තාවන් සවිබල ගැන්වීමට මුල්‍ය ණය පහසුකම්

Mohamed Dilsad

බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද ආරම්භ වෙයි

Mohamed Dilsad

Leave a Comment