ප්‍රමුඛ පුවත 1

අපේක්ෂක සජිත්ගේ ආරාධනයට තිස්සගෙන් යහපත් ප්‍රතිචාරය[VIDEO]

(UTV |කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පල කර ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික  පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී  මෙම එකඟතාව පල කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අරලියගහ මන්දීරයේ පැවැති එම සාකච්ඡාව සදහා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට අමතරව කබීර් හෂිම්, රවී කරුණානායක, නවීන් දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් ද සහභාගී වී සිට තිබේ.

මෙහිදී  ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාදීමේදී  සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති  අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම ඇතුළු කොන්දේසි කිහිපයක් ඊට ඇතුළත් බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක යළි එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක් වීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.

අප මේ සම්බන්ධයෙන් UTV ප්‍රවෘත්ති අංශය කල විමසීමකදී තිස්ස අත්තනායක පැවසුවේ තම ස්ථාවරය සම්බන්ධයෙන් අද පස්වරුවේ එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

Mohamed Dilsad

කොළඹ දිස්ත්‍රික්කයේ අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

වෘත්තීය සමිති යලි වැඩවර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment