විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් දෝෂාභියෝග පරීක්ෂණයක්[VIDEO]

(UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් විධිමත් දෝෂාභියෝග පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ දේශපාලන ප්‍රතිවාදියෙකුට හානි කිරීම සඳහා විදේශීය බලවතෙකුගේ සහාය පැතූ බවට චෝදනා කරමින්.

ඉහළම ප්‍රජාතන්ත්‍රවාදිනි නැන්සි පෙලෝසි පැවසුවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි.

දෝෂාභියෝගයට ඩිමොක්‍රටික පාක්‍ෂිකයින්ගෙන් දැඩි සහයෝගයක් ඇති අතර, පරීක්ෂණය ඉදිරියට ගිය හොත් එය රිපබ්ලිකන් පක්ෂය පාලනය කරන සෙනෙට් සභාවේ සම්මත කර ගැනීමට අපහසු වෙයි.

ජනාධිපති ට්‍රම්ප් යුක්‍රේන සහචරකයෙක් වන වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ කළ දුරකථන ඇමතුමක් පිළිබඳව බුද්ධි අංශ රහස් හෙළි කරන්නෙකු විසින් විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමඟයි මෙය ප්‍රචාරය වුණි.

ඩිමොක්‍රටික් පාක්‍ෂිකයින් චෝදනා කරන්නේ හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන් සහ ඔහුගේ පුත් හන්ටර්ට එරෙහි දූෂණ චෝදනා විමර්ශනය කිරීමට යුක්රේනයට බල කිරීම සඳහා යුද්ධ ආධාර අත්හිටුවන බවට ට්‍රම්ප් තර්ජනය කළ බවයි.

පාකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් හටගත් ප්‍රබල භූ කම්පනයෙන් පුද්ලයන් 19 දෙනෙකු මිය ගොස් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ නගරයේ ප්‍රධාන මාර්ගයේ විශාල ඉරි තැලීම් දක්නට ලැබෙන අතර නිවාස බොහොමයකට හානි සිදුව ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙක්සිකෝව චීන එන්නත් මිලියන 22 ක් මිලදී ගැනීමට යයි

Mohamed Dilsad

උතුරු සහ දකුණු කොරියාව එක ධජයක් යටට

Mohamed Dilsad

ඕක්ලන්ඩ් ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගල ක්‍රියාවක් මිස ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි

Mohamed Dilsad

Leave a Comment