ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවයේ සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි වෙයි [VIDEO]

(UTV| කොළඹ)ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි වීමක් සිදු වී තිබේ.

පෙරේදා (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට මෙය තව දුරටත් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

මෙම නව වැටුප් වැඩි කිරීම අනුව විධායක ශේණියේ නිලධාරියකුගේ ආරම්භක වැටුප රුපියල් 9,587 කින් ද, අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 23,975 කින් ද වැඩි වී තිබේ.

එම අගය අමුණා ඇති වගුවල 1:4:5 අනුපාතයට අනුව වැටුප් ගැලපූ විට යෝජිත ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇති අතර රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 3,000 කින් ද කළමනාකරණ සහකාරවරයකුගේ වැටුප රුපියල් 4,320කින් ද, සංවර්ධන නිලධාරියකුගේ වැටුප 5,040 කින් ද, වැඩි වේ.

එම නිලධාරීන්ගේ වැටුප 2020 ජනවාරි වන විට 2015 ආරම්භක වැටුපට සාපේක්ෂව 107% ප්‍රතිශතයකින් වැඩ කර තිබීමට අමතරව මෙම සියලු වැඩි කිරීම් සිදු කර ඇත.

කෙසේ වෙතත් පෙරේදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද පඩි වැඩිවීමේ 50% ප්‍රතිශතය 2020 ජනවාරි සිට ගෙවන අතර ඉතිරිය 2021 ජනවාරි සිට ගෙවනු ලැබේ.

2020 ආරම්භක වැටුප 107%කින් වැඩි කිරීමෙන් පසුව පිහිටුවන ලද මාසික වැටුපේ අගය සෑම වගුවකම 2020.01.01 දිනට ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත්තේ සේවකයාගේ 2015 ආරම්භක වැටුපට සාපේක්ෂකවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් සඳහා සේවා විශ්‍රාම වැටුපක්

Mohamed Dilsad

මහවැලි ඉඩම් ලාභීන් වෙත ජනපති අතින් ඔප්පු

Mohamed Dilsad

දුම්රියක මැදිරි වෙන් වෙයි

Mohamed Dilsad

Leave a Comment