ප්‍රමුඛ පුවත 1

නව හමුදාපති නිසා මෙරට යුධ සෙබළුන් එක්සත් ජාතින් ප්‍රතික්ෂේප කරයි

(UTV| කොළඹ) – යුධ අපරාධ චෝදනා එල්ල වූවකු හමුදාපති ධුරයට පත්කිරීම පදනම් කරගනිමින් අත්‍යවශ්‍ය නොවන රාජකාරී සඳහා ශ්‍රී ලංකා සාම සාධක සෙබලුන් බඳවා නොගැනීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක කාර්යාලය තීරණය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මින් ඉදිරියට සීමිත සාම සාධක සෙබලුන් පිරිසක් පමණක් ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගැනීමට පියවර ගැනෙනු ඇති බව ජගත් සංවිධාන ප්‍රකාශකයෙකු පවසයි.

දැනට ශ්‍රී ලාංකික සාම සාධක සෙබලුන් අනුයුක්ත කර ඇත්තේ මාලි / දකුණු සුඩානය සහ ලෙබනනය සඳහා වන අතර ශ්‍රී ලාංකික සෙබලුන් 650 කට වැඩි පිරිසක් නැවත පිටත් කර හැරීමට තීරණය වී නොමැති බවද අදාළ ප්‍රකාශකයා සඳහන් කර ඇත.

ජගත් මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කර ඇත්තේ ඔවුන් විශිෂ්ඨ සේවයක නිරතවුවද නව යුධ හමුදාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් අනුමත කල නොහැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ 10 වැනි සැකකරු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

ලංකා අයි. ඕ.සී. ඉන්ධන මිල සංශෝධනය කරයි…

Mohamed Dilsad

Leave a Comment