විදෙස්

ඉල්ලා අස්වන්නැයි බි‍්‍රතාන්‍ය අගමැතිට බලපෑම් [VIDEO]

(UTV |බ්‍රිතාන්‍ය) – පාර්ලිමේන්තුව අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වැරදි බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

රට තුල මතභේදයක් පවතින අවස්ථාවක දේශපාලන ප‍්‍රශ්නයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වීම සුදුසු නොවන බවයි අග‍්‍රාමාත්‍යවරයා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

සති 05 ක කාලයක් සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමට අග‍්‍රාමාත්‍යවරයා ගත් තීරණය වැරදි බව බි‍්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීරණය කළේය.

ඒ අනුව කතානායකවරයා විසින් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව කැඳවු අවස්ථාවේදී අග‍්‍රාමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට විරෝධය පළ කල බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර මහමැතිවරණයකට එළඹීම සඳහා සිය රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලෙසට ද අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුළු පක්ෂවලින් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය සහ ස්කොට්ලන්ත ජාතික පක්ෂය පවසන්නේ එකඟතාවයකින් තොර බ්‍රෙක්සිට් ගිවිසුම ඉවත් කරගන්නා තුරු මහමැතිවරණයක් සඳහා සහය ලබා නොදෙන බවයි.

මේ අතර අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටයි එම පක්ෂ චෝදනා කරනවා. මේ අතර  ඔක්තෝම්බර් 31 වැනිදා බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය මැතිවරණයේ සිව් වන අදියර ඇරඹේ

Mohamed Dilsad

මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව නවත්වයි

Mohamed Dilsad

කියුබාවේ ගුවන් අනතුරකින් 100කට අධික පිරිසක් මරුට

Mohamed Dilsad

Leave a Comment