ප්‍රමුඛ පුවත 1

පූජිතට – හේමසිරිට එරෙහි පෙත්සම් විභාගය අවසන් කෙරේ

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ අවසන් කරනු ලැබීය.

ඒ අනුව, අදාළ පෙත්සම් 12 විභාගයට ගන්නේ ද නැද්ද යන නියෝගය ඉදිරියේදී ලබාදීමට නියමිතයි.

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු අනුගාමිකයින් පිළිබඳ 2016 වර්ෂයේ සිට රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවත්, පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීම, වනාතවිල්ලූව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම, කාත්තන්කුඩියේ මෝටර් බයිසිකලයක් පුපුරුවා හැරීම යන සිද්ධීන් තුළින් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව පොලිස්පතිවරයා මනා දැනුමක් ලබා තිබූ බව නීතිපතිවරයා අධිකරණයට පෙන්වා දී තිබේ.

එමෙන්ම, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් අප්‍රේල් මස 09 වනදා සිට දිගින් දිගටම ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට කළ පෙර දැනුවත් කිරීම් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා නොසලකා හැර ඇති බවට ද නීතිපතිවරයා චෝදනා කර තිබේ.

මීට අමතරව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා විසින් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, බස්නාහිර උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිවාඩු අනුමත කර නිවාඩු ලබාදීමට ක්‍රියා කර ඇති බවත්, පොලිස් විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට විදේශ ගත වීම සඳහා නිවාඩු අනුමත කර ඇති බවටත්, නීතිපතිවරයා පොලිස්පතිවරයාට චෝදනා කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසිවෙකුත් කතා නොකරයි – සිරිතුංග [VIDEO]

Mohamed Dilsad

අලුත් අවුරුදු සාමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment