ව්‍යාපාරික

ලෝක සංචාරක දින උළෙල අද කොළඹදී

(UTV | කොළඹ) –  වඩා යහපත් අනාගතයක් උදෙසා සංචාරක සහ රැකියාවන් යන තේමාව යටතේ අද (27) කොළඹ ආකේඩ් පරිශ්‍රයේදී මෙවර ලෝක සංචාරක දිනය සමරනු ලැබේ.

සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග සහ රාජ්‍ය රංජිත් අලුවිහාරේගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී මෙම වැඩසටහන ඇරඹීමට නියමිතය.

මෙවර ලෝක සංචාරක දිනය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. එයට හේතුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමට මෙය උපයෝගි කර ගැනීමයි.

දෙදිනක් පුරා (27 , 28) ස්ථාන තුනකදී එනම් කොළඹ – බෙන්තොට සහ ආරුගම්බේහිදී මෙම උත්සවයන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙය නැරඹීමට පැමිණෙන ජනතාවට විවිධ පළාත් වලට ආවේණික වූ ආහාර රසවිඳීමටත් විනෝදාත්මක වැඩසටහන් නැරඹීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

Related posts

මෙරට දුම්වැටි නිෂ්පාදනය පහළ යයි.

Mohamed Dilsad

අවුරුද්දට ධීවර සංස්ථාව මඟින් නව මත්ස්‍ය අලෙවිසැල් 20ක්

Mohamed Dilsad

අපනයනයෙන් තොර සංවර්ධනයක් මෙරට බලාපොරොත්තු විය නොහැකි

Mohamed Dilsad

Leave a Comment