ප්‍රමුඛ පුවත 1

අධිකරණවල පවතින නඩු විසඳීමට වීඩියෝ මගින් සාක්ෂි ලබා ගැනීමට සුදානම්

(UTV |කොළඹ) – අධිකරණවල පවතින නඩු ස්වයංක්‍රියකරණය කිරීමටත් වීඩියෝ මගින් සාක්ෂි ලබා ගැනීම සදහාත් අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති උත්සවයකදී අධිකරණ පහසුකම් ලබාදීම පිළිබඳව අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය පැවසුවේ,

“කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වන විට අබලන් තත්වයට පත්වීමට විසඳුම් වශයෙන් අධිකරණ පියස  නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම සඳහා අක්කර 06 ක ඉඩමක් මේ වන විට වෙන් කර ඇති අතර, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා”.

“ඒ අනුව පවතින අබලන් අධිකරණ ගොඩනැගිලි වෙනුවට මහල් 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත්  ගොඩනැඟිල්ලක්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ  කටයුතු සඳහා මහල් 08 කින් යුත් ගොඩනැඟිල්ලක් ,විනිසුරුවරුන්ගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් සඳහා මහල් 08 කින් යුත් ගොඩනැඟිල්ලක්, හා නව නීති මධ්‍යස්ථානයක් සඳහා මහල් 08 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරිමට නියමිතයි”.

“රුපියල් ඩොලර් මිලියන 94.55 ක මුදලක් අධිකරණ පියස ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු වෙනුවෙන් වැය කිරිමට නියමිත අතර ඊට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සීනිගම මහා දේවාල භූමි කොටසක් විනාශ වේ

Mohamed Dilsad

ආපදා හේතුවෙන් විභාග කල් යයි

Mohamed Dilsad

දුම්රියට ත්‍රිරෝද රථ රියදුරෙක් දුම්රියට බිලි

Mohamed Dilsad

Leave a Comment