ප්‍රමුඛ පුවත 1

ගිනි අවියක් ක්‍රියාත්මක වී දරුවෙක් මරුට

(UTV|මඩකලපුව) – කරදියනාරු ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු වෙඩි වැදීම හේතුවෙන් මියගොස් තිබේ.

පුද්ගලයින් තිදෙනෙකු සමඟ දඩයමේ ගිය 13 හැවිරිදි දරුවෙකු මෙලෙස ගිනි අවිය ක්‍රියාත්මක වී මිය ගොස් ඇත.

දඩයම් කිරීම සඳහා රැගෙන ගිය ගිනි අවියක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම දරුවා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඔහු කරදියනාරු – කිතුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දරුවා සමඟ දඩයමේ ගිය අනෙක් පුද්ගලයින් තිදෙනා පොලිස් භාරයට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවෙන් 12 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයෝ ජනපති හමුවෙති

Mohamed Dilsad

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment