ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබදව පෙත්සම අනිද්දා සලකා බැලෙයි [UPDATE]

(UTV | කොළඹ) –  ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගාමිණි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගොනුකර ඇති පෙත්සම ලබන මස 02 වනදා එනම් අනිද්දා දිනයේදී පෙරවරු 9.30 ට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

……………………………………………………………………………………………………………………………………………………………………….

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

මෙම පෙත්සම මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර ඇත.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙන බවත් වාර්තා වෙයි.

අදාළ පෙත්සමෙහි පෙත්සම්කරුවන් කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බවයි.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බව ඔවුන් පවසයි.

පෙත්සම්කරුවන් සදහන් කරන්නේ අදාළ විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බවයි.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබේ.

Related posts

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

“සුවසැරිය” දෙවන අදියරටත් සුදානම්

Mohamed Dilsad

මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක බේරා ගැනේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment