ව්‍යාපාරික

HONDA Dio ලංකාවේ වැඩිම අලෙවියක් සහිතව වාර්තා අතරට

(UTV| කොළඹ) – ලංකාවේ ජනප්‍රියතම ස්කූටරය වන HONDA Dio ස්කූටරය වැඩිම අලෙවිය වාර්තා කරමින් අලෙවි වාර්තා පිහිටුවීමට සමත්වී ඇත.

HONDA Dio මෙරටට ගෙන්වා බෙදාහරින සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගමේ වාර්තා වලට අනුව මේ වනවිට HONDA Dio ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් අලෙවි වී ඇති අතර , ඒ අනුව මෙරට ස්කූටර් වෙළඳ පලේ 58% ත් 60% ත් අතර ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට HONDA Dio සමත්ව තිබේ.

නියම ජපන් තාක්ෂණයෙන් එන HONDA Dio මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ 2012 වසරේදීය. එතැන් පටන් ගතවූ වසර හත තුළ ස්කූටර් වෙළඳ පළේ වර්ධනීය අලෙවියක් වාර්තා කරමින් මෙම අලෙවි වාර්තාව පිහිටුවීමට HONDA Dio ස්කූටරයට හැකිව තිබේ.

මෙම සාර්ථක ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අචාර්ය කාලිංග කළුපෙරුම මහතා සඳහන් කළේ HONDA Dio මේ වනවිට පවුලේ වාහනයක් ලෙස ද අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බවයි. පවුලේ ඕනෑම අයෙකුට පහසුවෙන් පැදයාමට හැකිවීම, අවම පිරිවැය ආදි කරුණු රැසක් ඊට හේතුවී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

මනා ආකර්ශනීය නිමාව සහ පෙනුම , ඉන්ධන අරපිරිමැස්ම, ආදී විශේෂතා රැසක් සහිත වීම සහ මිලදී ගත් HONDA Dio ස්කූටරයක් යළි අලෙවි කිරීමේදී ඉහළ මිලක් යටතේ අලෙවි කළ හැකි වීම ද HONDA Dio හි ජනප්‍රියත්වයට ප්‍රමුඛතම හේතු ලෙස කාලිංග කළුපෙරුම මහතා සදහන් කළේය.

දිවයින පුරා විහිදුනු 300 කට අධික යතුරු පැදි අලෙවි නියෝජිත ජාලය මඟින් HONDA නිෂ්පාදන මිළදී ගත හැකි වීම සහ දිවයිනේ ඕනෑම නගරයකදී අමතර කොටස් මෙන්ම අළුත්වැඩියා සහ සේවා පහසුකම් ලබා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා තිබීම ආදී කරුණු ද මෙම ස්කූටරය අලෙවි වීමේ වර්ධනය කෙරෙහි සාධක වී තිබේ.

දශක 04 කට ආසන්න කාලයක් එනම් වසර 42 ක කාලයක් HONDA නිෂ්පාදන මෙරටට ගෙන්වා බෙදාහැරීමේ බලයලත් එකම නියොජිතයා වන ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගම වගකීමෙන් යුතු විශවසනීය සේවාවක් සපයමින් දිනාගත් පාරිභෝගික විශ්වාසය මෙම අලෙවි ප්‍රගතිය සඳහා මූලික පදනම වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තේ නිෂ්පාදනයේ පහළ යාමක්

Mohamed Dilsad

වතු සේවකයන්ගේ වැඩිකළ වැටුප ගෙවීමට වතු සමාගම් එකඟතාවයකට

Editor O

දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියේ අවසරය

Mohamed Dilsad

Leave a Comment