ප්‍රමුඛ පුවත 1

ත්‍රිරෝධ රථයකට පොලිසියෙන් වෙඩි

(උදයම්,කොළඹ) –  අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමේ පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පල්ලෙවෙල පොලීසියේ නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.

අද අලුයම මීරිගම,මැදගම්පිටිය,පල්ලෙවෙල මාර්ගයේ ගස්පෙ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයට පමණක් සුළු හානි සිදුව ඇත.

එහි සිටි තරුණයන් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව හෙළිව ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරු බලපත්‍රයක් නොමැතිව එය ධාවනය කර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අද මුහුදු ප්‍රදේශ වල සුළං වේගය වැඩි වන ලකුණු

Mohamed Dilsad

රටේ ආරක්ෂාව තර කරන අයුරු ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

පොලිස් පුටු මාරුවක්

Mohamed Dilsad

Leave a Comment