ප්‍රමුඛ පුවත 1

ලෝක ළමා දිනයට මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයෙන් පණිවිඩයක්

(UTV |කොළඹ) – ඔබේ ආදරණීය දරුවා අනාගතයේ කෙබදූ දරුවෙක් විය යුතුද යන්න මේ වන විටත් ඔබ තීරණය කර ඇත . බුද්ධිමත්  යහගුණ  පිරි ප්‍රසන්න දරුවෙකු ඔබගේ එකම බලාපොරොත්තුවයි.

මෙවන් දරුවෙකු නිර්මාණය කර ගැනීම සදහා දරුවා උපන්දා සිට දෙමාපියන් වැඩිහිටියන් ලෙස ඔබ සියලූ දෙනාම විවිධ ආකාරයේ මැදිහත්විම් සිදූ කරන අතර මෙවන් මැදිහත් විම් වල දරුවාගේ බුද්ධි වර්ධනය අඩාල කරවන කරුණු කාරණා ගැනද සංවේදී විය යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මේ බව පවසා තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

ඔබ කිසිසේත්ම අවධානය නොදෙන එහෙත් දරුවාගේ පෞර්ෂය ගොඩනැංවීම  අඩාල කරන මාධ්‍ය  හරහා එන වෛරසයන් කෙරෙහි අප අවධානය යොමු කල යුතුමය.

එයට හේතුව දරුවෙකුගේ මොළය වර්ධනය වන වැදගත්ම වයස අවුරුදූ 0 සිට 3 දක්වා විමයි .එනම් උපන්දා සිටමය.එම වයස් සීමාව තුළ යමක් දරුවා තුළ තැන්පත් කිරිමෙන් පසු එය කොන්ක්‍රිට් කලා සේ පවතින බව සොයාගෙන ඇත.මෙම වයස දෙමාපියන් වන අපට මග හැරී ගියද  තමාගේ භාන්ඩ අළෙවි කර ගැනිම සඳහා වෙර දරන විවිධ වෙළද ආයතන මෙම කාලය ඉතා ඵලදායි ලෙස භාවිතා කරයි .

විශේෂයෙන් මධ්‍යසාර “සිගරට් සමාගම් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්  ළමුන්ගේ මනස තුළ ඔවුනගේ භාණ්ඩයන් කෙරෙහි ධනාත්මක ප්‍රතිරූපයක් ගොඩ නැගීමට කූට ලෙස උපක්‍රම භාවිතා කරන අවධානම් සහිත කන්ඩායමකි. පුද්ගලයෙකු අකමැති “අප්‍රිය ජනක” අමිහිරි භාණ්ඩයක් නැතිවම බැරි” නොගත්තොත් විශාල අඩුවක් ලෙස දැනෙන එකක් බවට පත්කිරීම ඉතා අමාරු කාර්යයකි. එබැවින්  මෙම සමාගම් හැකි උපරිමයෙන් මුදල වියදම් කරමින් අරක්කු “සිගරට් “බියර් “ගංජා “හෙරොයින් පිළිබඳව ළමුන් තුළ ආකර්ෂණයක් ඇති  කිරීමට ළමා කාලය භාවිතා කරයි.

මේ සඳහා ප්‍රබලම “සමිපතම සහ ඵලදායීම ක්‍රමවේදය මාධ්‍ය බව  මද්‍යසාර “දූම්කොළ  සමාගම් හදූනාගෙන ඇති අතර රූපවාහිනිය ” ළමා පත්තර “කතන්දර පොත් ” අන්තර්ජාලය  මේ සඳහා භාවිතා කරන බවට සාක්ෂී ඇත.රූපවාහිනි තුළින් විකාශනය වන ළමුන් වෙනුවෙන්ම නිර්මාණය වන කාටුන්” ළමා චිත්‍රපටි වල වීර චරිත සහ ආකර්ෂණිය චරිත හරහා  අරක්කු සිගරට් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය, වැඩිහිටියෙක් නම් බොන්න ඕන”. “පාටියකදී බිව්වේ නැත්නම් වැඩක් නැහැ” අරක්කු නැත්නම් ඒ පාටියෙන් වැඩක් නැහැ” වැනි ආකල්ප  ළමුන්ගේ මනස තුළ ගොඩ නැංවීමේ දැවැන්ත ක්‍රියාවලියක නිරත වේ.

වැඩි වාර ගණනක් මෙවන් දර්ශන ළමුන් දැකීමෙන් ඔවු න්  තුළ මධ්‍යසාර සිගරට් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය කෙරෙහි ධනාත්මක ප්‍රතිරුපයක්  ගොඩ නැගෙන්නට ඇති ඉඩකඩ බොහෝය. එවන් දර්ශන වාර 160 කට වඩා වැඩි පුර නරඹන ළමුන්  වැඩිහිටියන් වු පසු මධ්‍යසාර ” සිගරට් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය  භාවිතයට පෙළබීමේ ප්‍රවණතාවය එවන් දර්ශන නොබලන දරුවන් ට සාපේක්ෂව  වැඩි බව විද්‍යාත්මකව සනාත කර ඇත.

මද්‍යසාර සහ සිගරට් සමාගම් වල  වෙළද  ලාංජන සිත්ගන්වන අයුරින්  විවිධ සෙල්ලම් බඩු ලෙස වෙළද පලට ඒම “අන්තර්ජාලය හරහා  අරක්කු බාර් වල දර්ශන  ඵලවීම මෙන්ම කිසිදූ හේතුවකින් තොරව  ළමුන්ගේ  කතන්දර පොත්  වල කතන්දර මැදට සිගරට්” අරක්කු” බියර් වලට වටිනාකමක් දෙන චරිත හෝ සිÈධීන්  පැමිණීම වැනි  උපක්‍රමශීලි ප්‍රචාරණ කටයුතු මෙම සමාගම් සහ ජාවාරම් කරුවන් විසින් සිදූ කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැයශීර්ෂ විවාදය- තෙවැනි දිනය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කණගාටුව

Mohamed Dilsad

මෙවර ජනාධිපතිවරණයේ විදේශිය නිරීක්ෂණ කණ්ඩායම් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment