ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය බලරහිත කිරීමට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV-කොළඹ) – ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

මෙයට හේතුව ලෙස පෙත්සම්කරු පවසන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බවත් එසේ තිබියදී ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 7 වනදා සිදුකිරීමට නියමිත බව ඔහු පවසයි.
පෙත්සම්කරු ඒ අනුව

ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබෙන පෙත්සම්කරු මැතිවරණ කොමිසමේ මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ලබන 07 වනදා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒ 9 මාර්ගයේ රිය අනතුරකින් සිසුන් 03ක් මරුට – ප්‍රදේශවාසීන් උණුසුම් වෙයි

Mohamed Dilsad

දේශීය කර්මාන්තවලට බලපෑමක් ඇතිවන බදු පනවා නෑ – කර්මාන්ත ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

දුරකථන ඇමතුම් පිළිබඳව ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment