ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂට එරෙහි පෙත්සම තෙවන දිනටත් සලකා බැලීම ඇරඹේ

(UTV |කොළඹ) – ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මෙරට පුරවැසියෙකු ලෙස වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද තුන්වන දිනටත් සකලා බැලේ.

ඒ අභියාචනාධිකරණය හමුවේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත  කෝදාගොඩ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක විසින් මම පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරු 9.30ට මෙම පෙත්සම සලකා බැලීම ආරම්භ කිරීමට නියමිතය.

වගඋත්තරකරුන් වෙනුවෙන් කරුණු දැක්වීම ඊයේ සිදුකෙරුනු අතර එහිදී පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ වෙත විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙසයි.

එසේම අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු  නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් මෙහිදී ඉල්ලීමක් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලාංකිකයන්ට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාවක්

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනස් වෙයිද?

Mohamed Dilsad

ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු නිපදවූ පළමු චන්ද්‍රිකාව අප්‍රේල් මස අභ්‍යවකාශයට..

Mohamed Dilsad

Leave a Comment