ප්‍රමුඛ පුවත 1

කොළඹ හෝටල් වලට ලැබුණු ලිපිය ගැන පරීක්‍ෂණ

(UTV |කොළඹ) – කොටුව පොලිස් ස්ථානය විසින් කොළඹ පිහිටි හෝටල් කිහිපයක් වෙත නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ .

කොටුව පොලිස් ස්ථානාධිපතිගේ අත්සනින් යුතුව පසුගිය 02වනදා මෙම ලිපිය කොළඹ පිහිටි හෝටල් වෙත යොමු කර ඇති අතර එම ලිපිය පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

එම ලිපියේ දැක්වෙන කරුණු මෙතෙක් බුද්ධිඅංශ විසින් තහවුරු කරගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.

මේ නිසා මෙම ලිපිය සම්බන්ධව සහ ලිපිය යොමු කර ඇති නිලධාරීන් සම්බන්ධවද පරීක්‍ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි.

මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට යම් අයෙකු විසින් දැරූ උත්සහයක්ද යන්න පිළිබඳවත් පොලිසියට සැක මතුව තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය

Mohamed Dilsad

අධ්‍යාපනය උදෙසා සුවිශේෂී ආයෝජනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment