(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (04) යළි රැස්වීමට නියමිතය.
මෙහිදී කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිත අතර , එම වාර්තාව ලබන 22 වනදා කතානායකවරයාට භාරදීමට අපේක්ෂා කරන බව කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේය.