ප්‍රමුඛ පුවත 1

අත්‍යවශ්‍යය සේවාවක් කලත් දුම්රිය සේවය වර්ජනයේ [VIDEO]

(UTV| කොළඹ) – අට වන දිනටත් ක්‍රියාත්මක වන දුම්රිය වර්ජනය සාමාන්‍ය වෘත්තීය සමිති සම්ප්‍රදායට පටහැනිව ක්‍රියා කරන බව ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන විට ඒ පිළිබඳව දින හතකට කලින් එම ආයතනයට දැනුම් දිය යුතු බවත් එවැනි කිසිඳු දැනුම් දීමක් හෝ ලිඛිත දැනුම් දීමක් කර නොමැති බවත්,එය වෘත්තීය සමිති සම්ප්‍රදායට පටහැනි ක්‍රියාවක් බවයි.

රජයේ චක්‍රලේඛනයට අනුව හෝ රාජ්‍ය සේවයේ ආඥයාපනත යටතේ සේවකයින් නොදන්වා සේවයට නොපැමිණියහොත් ඔහු සේවයේ අත්හැර ගිය සේ සැලකෙනා අතර සමහර දුම්රිය රියදුරන් වර්ජනය අතහැර සේවයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින නමුත් වර්ජනයේ නියැලෙන සේවකයින් මොවුන්හට බලපෑම් කර තිබෙන බව අමාත්‍යවරයා පවසයි.

ඔවුන්ගේ එම බලපෑම් හේතුවෙන් රියදුරන් පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇති අතර ඒ සඳහා ආරක්ෂාව ලබා දීමට පොලිසිය කටයුතු කර තිබේ.

මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවූ අපහසුතාවය පිලිබඳ කණගාටු වන අතර මගීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා බස් රථ දාහක්ද ලං.ග.ම බස් රථ හාරසීයක්ද ජාතික ගමනා ගමන මණ්ඩලයේ බස්රථ හයසියක්ද යොදවා තිබෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කළත් සිය වැඩවර්ජනයට එය බාධාවක් නොවන බවත් තවදුරටත් වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවත් දුම්රිය රියදුරන්ගේ සංමයේ විධායක කමිටු සාමාජික ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

මිට අමතරව, දුම්රිය වෘත්තිය සමිති අද (04) පෙරවරුවේ යළි රැස්වී වැඩවර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම වෙළඳසැලක ගින්නක්

Mohamed Dilsad

කාසල්රි සහ විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි

Mohamed Dilsad

සියලු ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment