ප්‍රමුඛ පුවත 1

ත්‍රිකුණාමලයේ ඩෙංගු පාලනය කර ඇති බවට සහතිකයක්

(උදයම්,ත්‍රිකුණාමලය)  –  ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ විශේෂයෙන්  කින්නියා ආශ්‍රිතව ඩෙංගු රෝගය පැතිරයාම මේවන විට පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙමෙ තත්වය ඉදිරි සති දෙක ඇතුළත සම්පුර්ණයෙන්ම පාලනය කළ හැකි වනු ඇති බව ඩෙංගු මර්ධන ව්‍යාපාරය සඳහන් කරයි.

ඩෙංගු මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය එන්.සරවනභවන් මහතා ප්‍රකාශ කළේ කින්නියා, ත්‍රීකුණාමලය, උප්පුවේලී, මුතූර් යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ඩෙංගු රෝගීන් 3500ක් පමණ වාර්තා වූ බවයි.

මේ වන විට වාර්තාවී ඇති මරණ 15ක් සිදුව තිබේ.

මේ අතර නාවික හමුදාව විසින් යාපනය අනලතිව් ප්‍රාදේශීය රෝහලේ දී වෛද්‍ය සායනයක් පවත්වා තිබේ.

මණ්ඩතිව් සහ අනලතිව් දූපත්වල නැවත පදිංචිකළ පුද්ගලයින් 538 දෙනෙකු පමණ එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලැබූ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

Related posts

අවතැන්වු උතුරු පලාතේ ජනතාව වෙනුවෙන් නිවාස සාදන්න අරාබි රාජ්‍යයේ ධානපති පවුලක් ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

දුම්වැටි සහ මත්පැන් බදු කිහිපයක් සංශෝධනය වෙයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23 ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment