විදෙස්

සෙනසුරු ග්‍රහලෝකය බ්‍රහස්පති අභිබවා යයි

(UTV| කොළඹ) – වැඩිම චන්ද්‍රයන් සිටින ග්‍රහලෝකය ලෙස බ්‍රහස්පති ග්‍රහයාට තිබු  ස්ථානය සෙනසුරු ග්‍රහයා ලබාගෙන ඇති බව ඇමරිකානු පර්යේෂකයන් පවසයි.

සෙනසුරු ග්‍රහලෝකය වටා නව චන්ද්‍රයන් 20ක් අලුතින් සොයාගෙන ඇති අතර සෙනසුරුට සිටින මුළු චන්ද්‍රයන් සංඛ්‍යාව 82ක් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රහස්පතිට සිටින චන්ද්‍රයන් ගණන 79ක් වන බවයි.

සෙනසුරු ග්‍රහයාගේ සිට කිලෝමීටර 5ක පමණ දුරකින් මෙම අලුතින් සොයාගත් චන්ද්‍රයන් පිහිටන බව ඇමරිකානු පර්යේෂකයන් සඳහන් කරයි.

හවායිවල ඇති  විශේෂ තියුණු දුරේක්ෂයකින් නිරීක්ෂණය කිරීමෙන් මෙම චන්ද්‍රයන් සොයාගෙන ඇති අතර අලුතින් සොයාගත් චන්ද්‍රයන් සදහා නම් යෝජනා කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පකිස්ථානය ජාත්‍යන්තර ආධාර ඉල්ලයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 70, 000 ඉක්මවයි

Mohamed Dilsad

තායිවාන දුම්රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment