ව්‍යාපාරික

ප්‍රයිම් ග්‍රෑන්ඩ් අධි සුඛෝපභෝගී ව්‍යාපෘතියේ ඉදිකිරීම් මාස 03 ක් ඉදිරියෙන්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළදාම් සමාගම වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සිය නවතම අධි සුඛෝපභෝගී ව්‍යාපෘතිය ලෙස කොළඹ 07, වෝඩ් පෙදෙසහි ඉදිකරන ප්‍රයිම් ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ 28 වන මහලේ ඉදිකිරීම් අරඹා ඇත. මහල් 37 කින් යුතු මෙම නිවාස සංකීර්ණයේ 28 වන මහලේ සිට විධායක මට්ටමේ නිවාස ඒ්කක ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන මාගා ඉංජිනියරින් සමාගම සඳහන් කර ඇත්තේ නියමිත කාලයට වඩා මාස 03 ක් ඉදිරියෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවන බවයි. වසර ගණනාවක් පුරා මෙරට දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රයිම් සන්නාමය තබා ඇති කීර්තිමත් භාවය තවදුරටත් තහවුරු කරමින් ඉදිකෙරෙන ප්‍රයිම් ග්‍රෑන්ඩ් වෝඩ් පෙදෙස අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය 2021 වසරේ දෙසැම්බර් මාසයේ විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

අක්කරයක පමණ භූමියක ඉදිවන මහල් 37 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය කොළඹ 07 හි ඉදිවන උසම නිවාස සංකීර්ණය ලෙස හැඳින්විය හැකිය.

මේ නිසා කිසිදු බාධාවකින් තොරව හාත්පස පරිසරය නැරඹීමේ හැකියාව මෙන්ම පෞද්ගලිකත්වය අතින් ප්රිමුඛ තැනක් ප්රායිම් ග්රෑනන්ඩ් වෙත හිමිවෙයි. ‍

මෙරට පාලනය කළ ප්‍රමුඛතම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු වන ශ්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඩ් නමින් නම් කර ඇති වෝඩ් පෙදෙස ඉතිහාසයේ පටන් මේ දක්වා මෙරට බොහෝ ගෞරවනීය පුද්ගලයින් වාසය කළ, වාසය කරන ප්‍රමුඛතම ප්‍රදේශයකි.

නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රයිම් සන්නාමය ලබා ඇති විශේෂඥභාවය මෙම අති සුඛෝපභෝගී නිවාස සංකීරණය තුළින් තවදුරටත් තහවුරු කෙරෙන බව ඒ මහතාගේ අදහසයි. නිර්මාණශීලීත්වය, අභ්‍යන්තර නිමාව සහ ලිපිනයෙහි සුවිශේෂී බව යන කරුණු නිසා ප්‍රයිම් ග්‍රෑන්ඩ් වෝඩ් පෙදෙස අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය සුවිශේෂි වන බවත් ඉහළ පෙළේ සුපිරි ජීවන රටාවකට අවශ්‍ය සියලු පහසුකම් වලින් එය සමන්විත වන බවත් ඒ මහතා සඳහන් කළේය.

මහල් 03 ක් පුරා ව්යාසප්තව පවතින ද්විත්ව උසැති (double height) රථ ගාල සහ විනෝදාත්මක සහ අනිකුත් උත්සව ආදී ක්රිනයාකාරකම් සඳහා ඇතුළත සහ බාහිර ආවරණය වන අකාරයට වෙන්කළ වර්ග අඩි 40,000ක් ඉඩ පරාසය අතින් ගත් කළ මෙම සුපිරි නිවාස සංකීර්ණය සුවිශේෂි වෙයි.

නිවැසියන්ගේ පෞද්ගලිකත්වය සදහා විශේෂ අවස්ථාවක් සලසා ඇති ප්රරමුඛතම නිවාස ව්‍යාපෘතියක් ලෙස ප්රැයිම් ග්රෑ්න්ඩ් හැදින්විය හැකි අතර පුද්ගලික සෝපාන ලොබි පහසුකම් (private lift lobbies), සහ නිවාස දෙකක් තනි බිත්තියකින් වෙන් කරනු වෙනුවට ඉඩ පරාසයක් සහිතව බිත්ති ඉදිකිරිම ආදී සුවිශේෂි විධිවිධාන සහිත මෙරට ප්රෙථම හා එකම නිවාස සංකීර්ණය වන්නේ මෙම ප්රමයිම් ග්රෑවන්ඩ් නිවාස ව්යාපපෘතියි. එමෙන්ම මෙහි ඇති පාලනය කළ පිවිසුම් සහිත සෝපාන පද්ධතිය (access controlled elevators)නිසා නිවැසියන්ට අනිකුත් නිවාස සහිත මහල් වලට නිකරුනේ පිවිසීම අවහිර කර තිබීම තවත් ආරක්ෂිත මෙන්ම පුද්ගලිකත්වය සුරකින පියවරකි.

එම මහලේම අවන්හල් ආදි පහසුකම් පිහිටා තිබීම මෙහි ඇති තවත් විශේෂතාවයකි. මීට අමතරව ප්ර යිම් ග්රෑහන්ඩ් හි පස්වන මහලේ මීටර් 36 ක් දිග පිහිනුම් තටාකයක්, දරුවන් සඳහා වෙනම පිහිනුම් තටාකයක් පිහිටා ඇති අතර කායවර්ධන මධ්යකස්ථානයක්, ජාත්‍යන්තර මට්ටමේ සම්භාහන පහසුකම්, බැඩ්මින්ටන් ක්‍රීඩාංගනයක්, උත්සව ශාලාවක් සහ සාප්පු සංකීර්ණ මෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආදී අංග ද පිහිටා තිබේ.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 24 ක විශේෂඥ පළපුරුද්දක් සහිත ප්‍රයිම් සමූහ ව්‍යාපාරය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙහි ප්‍රමුණයා ද වෙයි. “මිහිකතෙන් හොඳම තැනක්” යන්න තේමා කරගනිමින් සිය පාරිභෝගික ජනතාව වෙත උසස් සේවාවක් සපයමින් ප්‍රයිම් සම්මාන හිමිකර ගැනීමටද ප්‍රයිම් සමූහය සමත්ව තිබේ.

මීට අමතරව LMD සඟරාව විසින් 2019 වසරේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ “වඩා ගෞරවනීය සන්නාමය” ලෙස නම් කරනු ලැබුවේද ප්‍රයිම් සන්නාමයයි. තවද අඛණ්ඩව වසර 05 ක් තිස්සේ “මෙරට සේවය කිරීමට සුදුසුම සේවා ස්ථානය” ලෙස සම්මාන හිමිකර ගැනීමට ද ප්‍රයිම් සමූහය සමත්වී තිබේ. මෙම ඇගයීම් තුළින් මෙම සමූහය ලත් දිරිගැන්වීමේ විශිෂ්ඨතම ප්‍රතිඵලයක් ලෙස 2021 වසරේ විවෘත වන ප්‍රයිම් ග්‍රෑන්ඩ් සුපිරි නිවාස සංකීර්ණය හැඳින්විය හැක.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආර්ථිකය පවත්වාගෙන යාමට බදු ආදායම ප්‍රමාණවත් නෑ

Editor O

සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතයි

Mohamed Dilsad

‘වසර අවසාන වන තෙක් ගෑස් හිගයක් නෑ’ – ලිට්‍රෝ

Mohamed Dilsad

Leave a Comment