ප්‍රමුඛ පුවත 1

අද පැය 12 ක් කලුතරට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – අද (09) පැය 12 ක කාල සීමාවක් කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

මෙම අත්හිටුවීම පෙරවරු අටේ සිට අද රාත්‍රී අට දක්වා පැය 12 ක කාලයක් බලපැවැත්වෙනු ඇත.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේය.

ඒ අනුව වාද්දුව , වස්කඩුව , පොතුපිටිය , උතුරු කලුතර හා කලුතර , කටුකුරුන්ද , නාගොඩ , පයාගල , පිලමිනාවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

බෝම්බුවල , මග්ගොන , බේරුවල , කලුවාමෝදර , මොරගල්ල , අලුත්ගම , දර්ගානගර් හා ඛෙන්තොට යන ප්‍රදේශ සදහාද මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.

Related posts

උතුරු පළාත් සභාවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන්

Mohamed Dilsad

Mohamed Dilsad

බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනපතිට

Mohamed Dilsad

Leave a Comment