ප්‍රමුඛ පුවත 1

මෙරට අග්‍රාමාත්‍යවරයා ජපානයේ කියොතෝහි දේශනයකට සහභාගී වීමට සුදානම්

(උදයම්,කොළඹ)  –  ජපානයේ පස්දින නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍යවරයා හමු වීමට නියමිතය.

ඊයේ(10) ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොපළ වෙත  පැමිණි අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ජපාන අග්‍රමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝතෝ ඉෂුමී, ජපානයේ ශ්‍රී ලංකා

තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක සහ ශ්‍රී ලංකාවේ  ජපාන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරුන් විසින් පිළිගෙන තිබේ.

ජපාන අග්‍රමාත්‍ය ෂිංෂෝ අබේ මහතාගේ ආරාධනයකට අනුව සංචාරයේ නිරත වන අග්‍රමාත්‍යවරයා කියොතෝහිදී පැවැත්වෙන ජපාන විද්‍යා හා තාක්ෂණික සංගමයේ වාර්ෂික සැසියේ දේශනයකට ද සහභාගි වීමට නියමිතව තිබේ.

දෙරටේ අග්‍රමාත්‍යවරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන අතර ආර්ථික,වෙළෙඳ සහ අයෝජන මෙන්ම විද්‍යා හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රමාත්‍යවරුන් හමුවීමට ද නියමිත අතර තවත් සංවිධාන කිහිපයක් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එම සංචාරය සඳහා  මංගල සමරවීර, ආචාර්ය සරත් අමුණුගම සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද එක්ව සිටියි.

Related posts

පරිසර ආරක්ෂණ අධිකාරියෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

බදුල්ල – පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය 6 සිට වැසෙයි

Mohamed Dilsad

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන කෝටාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment