විදෙස්

බ්‍රිතාන්‍යයේ යෝජනාවක් ප්‍රතික්ෂේප වෙයි

(UTV | කොළඹ) – බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන යෝජනාව යුරෝපා සංගම් නායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයර්ලන්ත දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් පරික්ෂාවට ලක් නොකළ අදහස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් එම යෝජනාවේ ඉදිරිපත් කර ඇති බව යුරෝපා නායකයින් පවසයි.

යුරෝපා කොමිසමේ සභාපති ජීන් ක්ලෝඩ් ජන්කර් පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ එකඟතාවකට පැමිණිමේ සීමාවන් පවතින බවයි.

මේ මස 30 වනදා වන විට එකඟතාවක් ඇතිව හෝ නොමැතිව යුරෝපා සංගමයෙන් ඉවත්විමට   බ්‍රිතාන්‍යට සිදු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි අරඹයි

Mohamed Dilsad

ඉන්දියාවේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 70 ක පිරිසක් සිරවෙයි

Mohamed Dilsad

නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment