Trending News

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උපරිම සහය දීමට ජපානය සුදානම්

(උදයම්,ජපානය)  –  ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති ඓතිහාසික සබඳතා පදනම් කරගනිමින් අනාගතයේ වඩාත් සමීපව කටයුතු කිරීම සඳහා සැලසුම් සකස් කර ගත යුතු බව ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වතරු තකෙෂිතා මහතා පවසයි.
එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා උපරිම සහය ලබා දීම තම අරමුණ බවද වතරු තකෙෂිතා මහතා සඳහන් කර තිබේ.
ජපානයේ සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස වෙත ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය විසින් පිරිනැමූ දිවා භෝජන සංග්‍රහය අවස්ථාවේ තකෙෂිතා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී  ලංකාව සහ ජපානය අතර මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු අතර ද, සබඳතා තව තවත් ශක්තිමත් කරලීම උදෙසා තම සංගමය සැම විටම කැපවන බවය.
ජපන්  ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මහලේකම් යුකෝ ඔබුචි මහත්මිය ඇතුළු සංගමයේ ප්‍රධාන නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූ අතර, ඔවුන් සියළු දෙනාම ශ්‍රී ලංකාව වෙත උපරිම සහය ලබා දීම සඳහා කටයුතු කරන බව අවධාරණය කළහ.
මේ වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70 ක් සම්පූර්ණ වන නිසා, ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ පවත්වන මේ සාකච්ඡාව විශේෂ වැදගකමක් උසුලන බව පැවසූ ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, යුකෝ ඔබුචි මහත්මියගේ පියාණන් වූ හිටපු අග්‍රමාත්‍ය  ඔබුචි මහතාගේ යුගයේ සිටම ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ශ්‍රී  ලංකාව වෙත ලබා දුන් අනුග්‍රහය අතිශයින් අගය කළේය.
නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන මෙන් වික්‍රමසිංහ මහතා ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයට ආරාධනාවක් ද පිරිනැමීය.

Related posts

அரச பாடசாலைகளுக்கு எதிர்வரும் 3ம் திகதி விடுமுறை

Mohamed Dilsad

Six female undergraduates hospitalized

Mohamed Dilsad

Chelsea lose Fifa transfer ban appeal

Mohamed Dilsad

Leave a Comment