විදෙස්

හැගිබිස් සුළි කුණාටුවෙන් ජපන් ගුවන් ගමන් ප්‍රමාදයි

(UTV | කොළඹ) –  ජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයට බලපැවැත්වෙන සුළි කුණාටුව හෙයින් එරටට ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 07 කින් පමණ ප්‍රමාද කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගීන්ට නිවේදනය කරයි.

ඒ අනුව අද (12) රාත්‍රී 7.15 ට ජපානයේ නරීටා බලා පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 460 දරන ගුවන් යානය හෙට (13) අලුයම 2.35 දක්වා ප්‍රමාද කර තිබේ.

එරට ගුවන් ගමන් මෙන්ම සියලු අනෙකුත් ප්‍රවාහන සේවා ද අඩපණ විය හැකි බවට ජපාන බලධාරීන් විශ්වාස කරන බැවින් , එරට තත්ත්වය තවදුරටත් විමසා බලා කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානා ජපානය බලා පිටත් කරන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කර සිටී.

මේ පිළිබඳව වැඩිදුර විස්තර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ +94117771979 හෝ සංචාරක නියෝජිතවරයාගෙන් විමසා දැන ගැනීමට හැක.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ට්‍රම්ප් යළි අනතුරු අඟවයි

Mohamed Dilsad

න්‍යෂ්ටික බලාගාරයකට තවත් ෂෙල් ප්‍රහාරයක්

Mohamed Dilsad

ඉතාලියේ කොරෝනා මරණ ගණන 6820 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment