ප්‍රමුඛ පුවත 1

සරසවි කටයුතු යළි ඇරඹේ

(UTV |කොළඹ) – අද සිට විශ්ව විද්‍යාල අනධ්‍යන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

දින 33 ක් පමණ පැවති අනධ්‍යන සේවක වර්ජනය නිසා සියලුම සරසවි වසාතැබීමට සිදු විය.

ඒ අනුව ඔවුන්ගේ වර්ජනය අවසන් කිරීම හේතුවෙන් අද සිට යළි විශ්ව විද්‍යාල කටයුතු සාමාන්‍ය පරිදි  සිදු කෙරෙන බව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.

අද සිට විශ්ව විද්‍යාල වල අධ්‍යන කටයුතු සහ විභාග කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඒ ඒ විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන්ට බලය ලබා දී ඇත.

මේ අතර සියළුම අනධ්‍යන සේවකයින්ට අද සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බව විශ්ව විද්‍යාල වුතීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘කළුතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගත යුතුයි’ඇමති සාගල

Mohamed Dilsad

ශ්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර රැකියා සම්බන්ධ කිසිදු අවබෝධතා ගිවිසුමක් නෑ. ඇමති තලතා කියයි

Mohamed Dilsad

නාය යෑම් පූර්ව ලකුණු ගැන අවධානය

Mohamed Dilsad

Leave a Comment