විදෙස්

තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කිරීම වහාම නැවත්විය යුතුයි – ප්‍රංශ ජනපති

(UTV |ප්‍රංශය)  – තුර්කියෙන් සිරියාව වෙත එල්ල කරන ප්‍රහාර වහාම නැවැත්විය යුතු බව ප්‍රංශ ජනපතිවරයා පවසයි.

එමානුවෙල් මැක්‍රොන් පවසන්නේ ඇමරිකානු හා තුර්කි ජනාධිපතිවරුන්ට තමා දුරකථනයෙන් කථාකර මේ බවයි.

නමුත් දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් එමගින් මානුෂීය අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ නිසා මෙම ප්‍රහාර වහාම නැවැත්විය යුතු බව තම අපේක්‍ෂාව වබ එමානුවෙල් මැක්‍රෝන් පවසයි.

එමෙන්ම IS සංවිධානය කලාපයේ නැවත මතුවීමටත් උපකාරයක් වෙනවා යැයි ප්‍රංශ ජනපතිවරයා අවධාරණය කර ඇත.

ප්‍රංශයේ එලිසි මන්දිරයේදී ජනාධිපතිවරයා මාධ්‍ය අමතමින් මෙම අදහස් පළකර ඇති අතර ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කල් මහත්මිය ද හංගේරියානු අගමැති වික්ටර් ඕබන් මහතා ද ඊට සහභාගී වී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එල්ටීටීඊ සංවිධානයට, එක්සත් රාජධානියේ පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කෙරේ.

Editor O

නෞකා 2 ක් එකිනෙක ගැටෙයි [VIDEO]

Mohamed Dilsad

ඊශ්‍රායලය ගාසා තීරය යළිත් වසා දමයි

Mohamed Dilsad

Leave a Comment