ක්‍රීඩා

විරාත්ගේ නායකත්වයෙන් ඉන්දියාවේ තවත් ලෝක වාර්තාවක්

 

(UTV | කොළඹ) – දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟය විශිෂ්ට ලෙස ජය ගනිමින් සිය මව්රටේදී අඛණ්ඩව වැඩිම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලි සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (13) සමත් විය.

2013 වසරේ පෙබරවාරි මාසයේ සිට ඉන්දියාව මේ දක්වා සිය මව්රට තුළදී අඛණ්ඩව ජයගෙන ඇති ටෙස්ට් තරඟාවලි සංඛ්‍යාව 11 ක් වන අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ තරඟාවලි 10 ක් ජයගෙන සිටි ඕස්ට්‍රේලියාවයි.

ඉන්දියාව ඊයේ ලැබූ ජයග්‍රහණය සටහන් වූයේ විරාත් කෝලිගේ නායකත්වය යටතේ ඉන්දියාව ලැබූ 30 වන ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි.

විරාත් කෝලි , නායකයෙකු ලෙස ටෙස්ට් තරඟ 50 කදී සිය කණ්ඩායම මෙහෙයවා, ඉන් තරඟ 30 කට වැඩි සංඛ්‍යාවක් ජයග්‍රහණය කරා රැගෙන ගිය ලොව 03 වන නායකයා ලෙස වාර්තා ගත විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරගය අද

Mohamed Dilsad

දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පාලනය කරන බව සිම්බාබ්වේ කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද තීරණාත්මක තරගයක

Mohamed Dilsad

Leave a Comment