ප්‍රමුඛ පුවත 1

ඩී .ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුව කල් යයි

 

(UTV | කොළඹ) – ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදි රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා දක්වා කල් තැබීමට අද(15) නියෝග කළේය.

ඊට අදාළ නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදි මෙලෙස නියෝගය නිකුත් කර තිබේ.

නඩුව කල් තැබීමට හේතුව වනුයේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කිරීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති විසින් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කෙරේ.

Mohamed Dilsad

මිල අධික පිළිකා ඖෂධ ඇතුලු තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල පහතට

Mohamed Dilsad

දුම්රිය වර්ජනය හේතුවෙන් සති අන්තයේ විශේෂ දුම්රියත් අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment