ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී නාමල්ට එරෙහි නඩුව කල් යයි [VIDEO]

(UTV | කොළඹ) – අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය පෙබරවාරි මස 10 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමැති සමාගමක ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා ඇතුළු හය දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඉල්ලීමක් කරමින් තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන විශේෂ නඩු විභාගයට සහභාගි වීමට නියමිතව තිබෙන බැවින් මෙම නඩුවේ විභාගය කල් තබන මෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ විභාගය පෙබරවාරි මස 10 වනදා දක්වා කල් දැමීමට නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අක්මීමන පාසලකට බලහත්කාරයෙන් ඇතුලුවීමට ගිය පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

බැදුම්කරයේ නීතිපතිගේ ලිපිය සභාගත කෙරේ

Mohamed Dilsad

දුෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක්

Mohamed Dilsad

Leave a Comment