ප්‍රමුඛ පුවත 1

තිලංගට ක්‍රිකට් පරිපාලනය සම්පූර්ණයෙන් තහනම් කරමින් නියෝගයක්

( UTV | කොළඹ ) – ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

ක්‍රීඩා පනතින් ලැබී ඇති බලතලවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස තාවකාලික තහනමක් පැනවීමට ද, මීට පෙර නොවැම්බර් මස 10 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.

එහිදී තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකිදැයි සොයාබලා මසක් ඇතුළත වාර්තාවක් සැපයීම සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සූර්යබල සංග්‍රාමය වැඩසටහන ක්‍රියාත්මක වන ක්‍රමවේදය වෙනස් කිරීමට මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ – ඇමති රවි කියයි(වීඩියෝ)

Mohamed Dilsad

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

Mohamed Dilsad

ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment