ප්‍රමුඛ පුවත 1

කංජිපානිගේ පියා, සොහොයුරා ඇතුළු සයදෙනාට ඇප

(UTV | කොළඹ) –  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන රැගෙන ගිය ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනා ඇප මත මුදාහැර තිබේ.

ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ මෙම සැකකරුවන් අද ඉදිරිපත් කළ අවස්ථාවේදී එක් සැකකරුවෙකුට රුපියල් විසිදහස බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය මස 12 වනදාට යෙදී තිබූ සිරකරුවන්ගේ දිනයේදී සැකකරු බැලීම මොවුන් බූස්ස බන්ධනාගාරයට පැමිණ සිටි අතර, එහිදී ඔවුන් කංජිපානිට ලබාදීමට රැගෙන ආ ආහාර අඩංගු භාජන දෙකක් තුළ තිබී ජංගම දුරකතන දෙකක්, එම ජංගම දුරකතන දෙකෙහි චාජර් දෙක හා අඟල් 15 ක් පමණ දිග වයර් කැබැල්ලක් සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික රණවිරු සැමරුම අදයි.සාමයේ පහනක් දල්වන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

මහ මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය ගැන රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

මීතොටමුල්ලේ විපතට පත්වුවන් වෙනුවෙන් තොරතුරු මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment