ප්‍රමුඛ පුවත 1

මැලේසියාවේ නීතිවිරෝධිව සිටින ශ්‍රමිකයින්ට පොදුසමා කාලයක්

(UTV | කොළඹ) – මැලේසියාවේ නීති රීති උල්ලංඝණය කරමින් එරට රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හට දඩුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙය දන්වා තිබේ.

මෙම පොදුසමා කාලය 2019 අගෝස්තු 01 දින ප්‍රකාශයට පත් කර ඇති අතර, එය 2019 දෙසැම්බර් 31 දින දක්වා මාස 4ක කාලයක් ක්‍රියාත්මක වේ.

වීසා කාලය ඉක්මවා වලංගු වීසා නොමැතිව මැලේසියාවේ රැඳී සිටින්නන්ට හා විධිමත් ආගමනික මුද්‍රාව නොමැතිව මැලේසියාවේ රැඳී සිටින පුද්ගලයින් සඳහා එරටින් පිටවීම සඳහා මෙම කාලය ලබා දි ඇත.

මෙම කාලය තුළ ඉල්ලීම් ලිපියක් හා අනෙකුත් අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රිංගිට්ස් 700 ක (RM 700) පරිපාලන ගාස්තුවක් ගෙවීමෙන් පසු එරටින් පිටවීමට අවස්ථාව ලබා දෙන බවයි සඳහන් වන්නේ.

මැලේසියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය ඇමතීම මගින් මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

දුරකථන අංක- 00603-20341705/ 00603-20341706

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීමට ගැසට් නිවේදනයක් [Gazette]

Mohamed Dilsad

ඇදුරු වර්ජනයෙන් සරසවි කටයුතු වලට බාධා

Mohamed Dilsad

පොලිස් රාජකාරියට බාධා කළ එජාප මන්ත්‍රිනිය යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment