ප්‍රමුඛ පුවත 1

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජනතා අයිතියට [PHOTOS]

(UTV | කොළඹ) – පලාලි නගරයේ පිහිටා ඇති යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර විවෘත කළේය.

ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යාපනය නගරයේ සිට ඇති දුර කිලෝමීටර 20 ක් වන අතර , එහි ගුවන් පථය කිලෝමීටර 2.3 කින් සමන්විතය.

මේ හරහා උතුරු පළාතේ ජනතාවට සෘජුව ජාත්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සළසාගත හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ ය.

මෙහිදී ඉන්දියාවේ චෙන්නායි, තිරුචි සහ කොචි සිට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කරනු ලැබේ.

 

Related posts

සිනමාහල් සංවර්ධනයට “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වෙතින් ණය පහසුකම්.

Mohamed Dilsad

වළපනේ සිදුවූ නායයෑමෙන් පුදගලයින් 2ක් මියයයි [VIDEO]

Mohamed Dilsad

ජනාධිපති කාම්බෝජ නිල සංචාරයක් සඳහා සුදානම් වෙයි.

Mohamed Dilsad

Leave a Comment