(UTV | කොළඹ) – යාපනයේ පලාලි හී ඉදිවූ ශ්‍රී ලංකාවේ තෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන “යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ” අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.
එවකට, රාජකීය ගුවන් හමුදාවේ 160, 203 සහ 354 බල ගණයන්ට නිවහනව තිබු පලාලි ගුවන්තොටුපොළ දෙවන ලෝක යුද්ධය අවසාන වීමත් සමගම ත්‍යාගයක් ලෙස සිවිල් ගුවන්සේවා අධිකාරියට හිමිවූ අතර 1947 දෙසැම්බර් මස දහවනදා ප්‍රථම වරට සිවිල් ගුවන් සේවා සඳහා විවෘත වේ.
ඒ අනුව රත්මලාන ගුවන් තොටුපොළේ සිට පලාලි ගුවන් තොටුපොළ දක්වා ගුවන් සේවයක් ඇරඹීම සිදුවිය.
ඉන් අනතුරුව එයාර් සිලෝන් යානා ගමන් ඇරඹීමෙන් පලාලි ගුවන් තොටුපොළේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ගුවන් ආරම්භ වූ අතර උතුරේ සිවිල් යුද සමය තුල නවතා දැමෙන මෙම ගුවන්තොටුපොළ අද සිට නැවත යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස නම් ලබන අතර එළඹෙන නොවැම්බර් මස 05 වැනිදා සිට මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත.
යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර ශ්රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් යොදවා ඇති බවයි ප්රවාහන අමාත්යාංශය සඳහන් කරයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]